ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 36,049ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ (18) දිනයේ දී වාර්තා වූ නව ආසාදිතයින් 662 දෙනා ද ඇතුළුවයි.
එම ආසාදිතයින් 662 දෙනා අතරින් 259 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් වූ ආසාදිතයින් 44 දෙනෙකු වාර්තා වී ඇත්තේ බ්ලූමැන්ඩල් ප්‍රදේශයෙන් බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. ඔක්තෝම්බර්ඹ 04 වැනි දිිි සිට කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් ප්‍රමාණය 15,624ක් වේ.
දැනට කොළඹ, කළුතර සහ මහනුවර දිස්ත්රික්කයන්වලින් වාර්තා වන ආසාදිතයින් ප්‍රමාණයේ වැඩි වීමක් දක්නට ලැබේ. ඊයේ දිනයේ දී කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 164ත් ද, මහනුවර දිස්ත්‍රික්කයෙන් 46ක් ද වාර්තා වී ඇත.
ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ පහතින් දැක්වේ.
- කොළඹ දිස්ත්‍රික්කය – 259
- කොම්පඤ්ඤවීදිය – 16
- කොල්ලුපිටිය – 6
- කිරුළපන – 8
- වැල්ලවත්ත – 19
- සිනමන් ගාඩ්න්ස් – 6
- බොරැල්ල – 22
- දෙමටගොඩ – 33
- මරදාන – 14
- කොළඹ 12 (Hultsdrof) – 25
- බ්ලූමැන්ඩල් – 44
- ග්‍රෑන්ඩ්පාස් – 8
- මට්ටක්කුලිය – 21
- අවිස්සාවේල්ල – 04
- අත්තිඩිය – 02
- බොරලැස්ගමුව – 03
- දළුගම – 11
- හංවැල්ල – 03
- මොරටුව – 03
- ගල්කිස්ස – 03
- නුගේගොඩ – 03
- පන්නිපිටිය – 02
- වැල්ලම්පිටිය – 03
- ගම්පහ දිස්ත්‍රික්කය – 79
- ගම්පහ – 03
- දිවුලපිටිය – 03
- දොම්පෙ – 14
- හැඳල – 04
- කැළණිය – 03
- මාබෝල – 02
- කෙරවලපිටිය – 02
- මන්ඩාවල – 02
- රදාවත්ත – 01
- රාගම – 08
- තිහාරිය – 13
- නිට්ටඹුව – 01
- පැපිලියාවල – 01
- උඩුපිල – 05
- වැලිසර – 04
- වත්තල – 12
- කළුතර දිස්ත්‍රික්කය – 164
- ගාල්ල දිස්ත්‍රික්කය – 18
- නුවරඑළිය දිස්ත්‍රික්කය – 05
- අම්පාර දිස්ත්‍රික්කය – 04
- කුරුණෑගල දිස්ත්‍රික්කය – 16
- මහනුවර දිස්ත්‍රික්කය – 46
- රත්නපුර දිස්ත්‍රික්කය – 16
- ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 02
- පුත්තලම දිස්ත්‍රික්කය – 02
- මාතර දිස්ත්‍රික්කය – 26
- වව්නියාව දිස්ත්‍රික්කය 04
- යාපනය දිස්ත්‍රික්කය – 06
- මඩකලපුව දිස්ත්‍රික්කය – 05
- හම්බන්තොට දිස්ත්‍රික්කය – 03
- මොණරාගල දිස්ත්‍රික්කය – 02
- මාතලේ දිස්ත්‍රික්කය – 02
මීට අමතරව විදේශගතව සිට පැමිණ පුද්ගලයින් දෙදෙනෙකු ද ඊයේ (18) දිනයේ දී ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.
දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 8823ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වාර්තා වූ ආසාදිතයින්ගෙන් 27,061 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා. ඊයේ (18) දිනයේ දී ද කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය පුද්ගලයින් පස් දෙනෙකු ගේ මරණ වාර්තා විය. ඒ අනුව, මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ ගණන 165ක් දක්වා ඉහළ ගොස් ඇත.
