Advertise with Giraya
NEWS

තවත් කොරෝනා මරණ 05ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 05ක් තහවුරු කරන ලද අතර ඒ් අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 165කි.

161 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, අගලවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 72ක පිරිමි පුද්ගලයෙකි. 2020 දෙසැම්බර් 11 වන දින අගලවත්ත මූලික රෝහලට ඇතුලත් කරන අවස්ථාවේ මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය සහ අධි රුධිර පීඩනය නිසා ඇති වූ හෘදයාබාධයකි. (මරණය වාර්තා වූ දිනය 2020 දෙසැම්බර් 17)

162 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, මග්ගොන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 86ක කාන්තාවකි. 2020 දෙසැම්බර් 15 වන දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය සහ අධි රුධිර පීඩනය නිසා ඇති වූ හෘදයාබාධයකි. (මරණය වාර්තා වූ දිනය 2020 දෙසැම්බර් 17)

Giraya News Alerts

163 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 76ක පිරිමි පුද්ගලයෙකි. කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ සිට හෝමාගම මූලික රෝහලට මාරු කර එවා ඇති අතර එම රෝහලේ දී 2020 දෙසැම්බර් 18 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ උග්‍ර වූ වකුගඩු රෝගී තත්ත්වය හා කොවිඩ් නියුමෝනියාවයි. (මරණය වාර්තා වූ දිනය 2020 දෙසැම්බර් 18)

164 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, මහරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50ක පිරිමි පුද්ගලයෙකි. කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සිට හෝමාගම මූලික රෝහලට මාරු කර එවා ඇති අතර එම රෝහලේ දි 2020 දෙසැම්බර් 18 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි. (මරණය වාර්තා වූ දිනය 2020 දෙසැම්බර් 18)

165 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, වතුපිටිවල ප්‍රදේශයේ පදිංචි වයස අවුුරුදු 86ක පිරිමි පුද්ගලයෙකි. 2020 දෙසැම්බර් 18 වන දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය නිසා උග්‍ර වූ වකුගඩු රෝගයයි. (මරණය වාර්තා වූ දිනය දෙසැම්බර් 18)

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top