මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයින් 600 කට වැඩි පිරිසකට වහාම ක්රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදීමට තීරණය කර තිබෙනවා.
එහි කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් සඳහන් කළේ ජනතාවගෙන් අල්ලස් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සලකා බලා මෙම රජය මෙම තීරණය ගෙන ඇති බවයි.
තමන් සහ පසුගිය ජනවාරි පළමු වැනිදාට පසු සේවයට බැඳුණු අය පමණක් තවදුරටත් දෙපාර්තමේන්තුවේ රාජකාරී කරනු ඇති බවද ඔහු කියාසිටියා.
මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ එම ස්ථාන මාරුවීම් අදියර කිහිපයක් යටතේ ක්රියාත්මකවීමට නියමිත බවයි.
