කොවිඩ් වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අපහසුතාවයකට පත්ව ඇති බව ආර්ථික පුනර්ජීවන කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ පවසයි.
එවැනි තත්වයක් යටතේ සාර්ථක අයවැයක් ඉදිරිපත් කිරීමට වත්මන් රජයට හැකිවීම සතුටට කරුණක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
බැසිල් රාජපක්ෂ මේ බව කියා සිටියේ ගම සමඟ පිළිසඳරක් වැඩසටහන යටතේ මධ්‍යම පළාත් ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවති සංවර්ධන වැඩසටහනකට ඊයේ (17) දිනයේදී එක්වූ අවස්ථාවේ දී ය.
වසංගතය හමුවේ මෙරට ආදායම් මාර්ග අහිමි වූ ආකාරය සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මෙලෙස අදහස් පළ කළා.
‘කොවිඩ් වසංගතය ලෝකයේ පැතිරීම නිසා අපිට මූල්‍යමය වශයෙන් විශාල අර්බුදවලට මුහුණපාන්න සිද්ධ වුනා. විශේෂයෙන්, විදේශ විනිමය පැත්තෙන් බැලුවොත් අපිට විදේශ මුදල් ගලා එන ප්‍රධාන මාර්ග සියල්ලක්ම මේ වසංගතය නිසා ඇනහිටියා. මේ වෙනකොට මාස 09 තුළ එක සංචාරකයෙක්වත් අපේ රටට පැමිණලා නෑ.
ඊට පස්සේ තව ප්‍රධාන මාර්ගයක් තමයි අපේ ශ්‍රමිකයන් හැටියට පිටරට ගිහිල්ලා අපිට විදේශ සම්ප්‍රේෂණ එවනවා. ඒක මාර්තු මාසේ අඩු වෙච්ච එක සැප්තැම්බර් වෙනකම්ම එක විදියටම අඩුවෙන් පවත්වලා දැන් ක්‍රමයෙන් වැඩි වේගෙන එනවා.
ඊළඟට අපිට විදේශ සෘජු ආයෝජන, ඒකත් සම්පූර්ණයෙන්ම විදේශිකයෝ දින 14ක් නිරෝධායනය යෙදිලා කටයුතු කරන්න ඔවුන් පෙළඹෙන්නේ නැ. ඒ නිසා ඒක සම්පූර්ණයෙන්ම වගේ අඩු වුනා.
අනිත් අපිට ලැබෙන ප්‍රධානම දෙයක් තමයි, ආධාර සහ සහනාධාර ණය. ආධාර දෙන රටවල් බොහොමයක්ම මේ වසංගතය නිසා ඔවුන්ගේ ආර්ථිකයට බලපෑවා. ඒවත් අපිට ඇත්ත වශයෙන්ම ගොඩාක් අඩු වුනා. ඉතින් මෙවැනි අවස්ථාවක තමයි අපි මේ ගරු මුදල් ඇමතිතුමා හැටියට ගරු අග්‍රාමාත්‍යතුමා මේ අයවැය ඉදිරිපත් කළේ.’
