කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ශ්‍රී ලන්කන් කේටරින් මෙහෙයුම් අංශයේ සේවය කරන සේවකයින් 08 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහන් කලේ පසුගිය 14 දින එක් සේවකයෙකුට පළමුවෙන් මෙම වෛරසය ආසාදනය වී ඇති බවයි. ඉන්පසුව ඔහු ඇසුරු කළ තවත් සේවකයින් 07 දෙනෙකුට ද මෙම වෛරසය ආසාදනය වී ඇති බව අද (17) දින තහවුරු කරගෙන තිබෙනවා.
එමෙන්ම මෙම සේවක පිරිස සමීපව ඇසුරු කළ තවත් සේවක පිරිසක් ද මේ වනවිට පී.සී.ආර්. පරීක්ෂණ වලට ලක් කර ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහන් කරයි.
