Advertise with Giraya
Giraya NewsGiraya News
POLITICS

ජල ව්‍යාපෘතියකට මුල් ගල තැබීමට ආ වාසුදේව, ප්‍රදේශවාසීන්ගේ විරෝධය හමුවේ හැරී යයි

ඇහැළියගොඩ තරාපිටිය ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියකට මුල්ගල තැබීමට පැමිණි අමාත්‍ය වාසුදේව නානායක්කාරට අද (17) එම ප්‍රදේශයේ ජනතාව විසින් විරෝධය පළ කර තිබෙනවා. එල්ල වූ විරෝධය හමුවේ අමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.

විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වීම සඳහා වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා එම ස්ථානයට පැමිණීමත් සමග ප්‍රදේශවාසීන්ගේ විරෝධය උත්සන්න වී ඇති අතර
ප්‍රදේශවාසීන් විරෝධය පළකරමින් පැවසුවේ අදාළ ව්‍යාපෘතිය මඟින් තමන්ට
ජල ගැටළු ඇතුළු ගැටළු රැසකට මුහුණදීමට සිදුවන බවයි.

පසුව, එල්ල වූ විරෝධය හමුවේ ව්‍යාපෘතියට මුල්ගල තැබීමේ කටයුතු අත්හැර දැමූ අමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා. පසුව ඔහුගේ ලේකම්වරයෙකු ට ද ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය එල්ල විය.

Giraya News Alerts

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top