පළාත් සභා මැතිවරණය පැවැත්වීමට වහාම පියවර ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරයි. උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් කියා සිටියේ ඇතැම් පුද්ගලයින් පළාත් සභා ක්‍රමය පිළීබද මේ දිනවල වැරදි මතයක් සමාජයට ඉදිරිපත් කරමින් සිටින බවයි. ඔහු මේ බව පැවසුවේ, අද (17) එම පක්ෂයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකදී ය.
එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා, ‘පළාත් සභා ක්‍රමය පිළිබඳ පක්ෂයක් හැටියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය තමයි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැමදාම කියන්නේ පළාත් සභා මැතිවරණය තියන්න ඕනේ කියන අදහසේ අපි හිටියා. මේ පළාත් සභාවෙන් රට බෙදුනෙත් නෑ. ඉස්සරහට රට බෙදෙන්නෙත් නෑ. හැබැයි මේ සමහර උදවිය කරන ප්‍රකාශවලින් අපිට පේනවා.. ඒ අය කවුරුත් කියන්නේ නැහැ.. 13 වන ව්‍යවස්ථා සංශෝධනය, සංශෝධනය වුනොත් මොකද්ද තියෙන විකල්පය කියලා. ඒක තමයි භයානක. ඒක නිසා අපි කියන්න ඕනේ මේ රටේ දැන් ස්ථාපිත වුන පළාත් සභාවලින් ජනතාවට වෙච්ච සේවාව අද කරන්න බෑ.’
‘මම දැක්කා සමහරු මාධ්‍යයේ කියනවා. පළාත් සභා නැති වුනා කියලා මොකද වුනේ අහනවා. පාර්ලිමේන්තුවත් ඕනේ නෑ එහෙනම්. ප්‍රාදේශීය සභාත් ඕනේ නෑ. තව ටිකක් කල් යද්දි කියයි රටේ ජනාධිපතිතුමාත් ඕනේ නැහැ කියලා. ඒක නිසා ඒක නෙමෙයි විකල්පය. ඒ නිසා අපි පැහැදිලිව කියනවා රටට මේ පළාත් සභා ක්‍රමයට ජනතාව අනුගත වෙලා තියෙන්නේ. ඒ නිසා පළාත් සභාවලින් ජනතාව බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. අන්න ඒ නිසා මං කියනවා ඔය තර්ක කරන උදවියට නෙමෙයි සාමාන්‍ය ජනතාවට ඒ අවශ්‍යතාවය තියෙනවා. ඒ නිසා වහාම පළාත් සභා මැතිවරණය තියන්න කියලා’ යනුවෙන් පැවසුවා.
