සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 03ක් තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ මරණ ගණන 160කි.
158 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50ක කාන්තාවකි. කොළඹ ජාතික රෝහලේ සිට හෝමාගම මූලික රෝහල වෙත මාරු කර ඒවා ඇති අතර එම රෝහලේ දී 2020 දෙසැම්බර් 14 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ වකුඩු අක්‍රීය වීම සහ කොවිඩ් නියුමෝනියාවයි. ( මරණය වාර්තා කරන ලද දිනය 2020 දෙසැම්බර් 15)
159 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 09 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 78ක පිරිමි පුද්ගලයෙකි. කොළඹ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2020 දෙසැම්බර් 15 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ලේ විෂ වීම, බහු ඉන්ද්‍රීය අක්‍රීය වීම ාහා කොවිඩ් නියුමෝනියාවයි. (මරණය වාර්තා කරන ලද දිනය 2020 දෙසැම්බර් 16)
160 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43ක කාන්තාවකි. පානදුර මූූූූූලික රෝහලට මාරු කර එවා ඇති අතර එම රෝහලේ දී 2020 දෙසැම්බර් 16 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව, ලේ විෂ වීම නිසා ඇති වූ කම්පනය හා බහු ඉන්ද්‍රීය අක්‍රීය වීමයි. (මරණය වාර්තා කරන ලද දිනය 2020 දෙසැම්බර් 16)
