පසුගිය නොවැම්බර් මස 29 සහ 30 දිනවල බන්ධනාගාරයේ ඇති වූ කලහකාරි තත්ත්වය හේතුවෙන් මිය ගිය රැඳවියන් 11 දෙනාගෙන් සිව් දෙනෙකු මිය ගොස් ඇත්තේ වෙඩි ප්‍රහාරවලට ලක්වීමෙන් බව ශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇතැයි, විද්වත් කමිටුව අද (16) වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ය.
මහර බන්ධනාගාර නොසන්සුන්තාවයෙන් මියගිය රැඳවියන් 11 දෙනාගෙන් සිව් දෙනෙකතුගේ පශ්චාත් මරණ පරීක්ෂණ එම විද්වත් මණ්ඩලය විසින් මේ වන විට අවසන් කර තිබෙන අතර එම මළ සිරුරු 4 අදාහනය කිරිමෙන් තොරව භූමදානය කිරීම සඳහා අවසර ලබා දෙන්නැයි, එම රැඳවියන්ගේ ඥාතීහු අධිකරණයෙන් අද (16) ඉල්ලා සිටියා.
එහෙත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න ඊට දැඩි විරෝධය පළ කරමින් සඳහන් කළේ, එසේ සිදුකල හොත් විශාල හානියක් සිදුවිය හැකි බවයි.
ඒ අනුව, ඥාතීන් විසින් කරන ලද ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් අදාළ සිරුරු අද සහ හෙට ආදාහනය කිරීමට පියවර ගන්නා ලෙස වත්තල මහේස්ත්‍රාත් අධිකරණයෙන් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට නියෝග කර ඇත.
