වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පැන ගිය කොවිඩ් -19 ආසාදිතයාගේ ඡායාරූපයක් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කර තිබෙන අතර එම පුද්ගලයා පිළිබඳව යම් තොරතුරක් ලදහොත් ළඟම පිහිටි පොලිස් ස්ථානයට හෝ 119 හදිසි ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මෙම කොවිඩ් ආසාදිතයා ඊයේ (15) පස්වරුවේ වැලිසර ළය රෝහලෙන් පළාගොස් තිබුණි. මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 43 හැවිරිදි අදාළ පුද්ගලයා ක්ෂය රෝගයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පසුගියදා වැලිසර ළය රෝහලට ඇතුළත් වී තිබේ. පසුව සිදුකළ PCR පරීක්ෂණයකදී ඔහු කොවිඩ් -19 ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබෙනවා.
කෙසේවෙතත් මෙම තැනැත්තා විසින් රෝහළට ලබාදී ඇත්තේ ව්‍යාජ ලිපිනයක් බවද මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. අධික ලෙස මත්ද්‍රව්‍යය භාවිතයට ඇබ්බැහි වී ඇති මෙම තැනැත්තා සොයා මහබාගේ පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇත.


සම්බන්ධිත පුවත්
