Advertise with Giraya
NEWS

තවත් මරණ 3ක්.. සමස්ත කොරෝනා මරණ ගණන 157ක් දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 03ක් තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 157කි.

155 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි වයස අවුරු 60ක කාන්තාවකි. කොළඹ පෞද්ගලික රෝහලක දී 2020 දෙසැම්බර් 14 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි. (මරණය වාර්තා කරන ලද දිනය 2020 දෙසැම්බර් 15)

156 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 85ක පිරිමි පුද්ගලයෙකි. 2020 දෙසැම්බර් 12 වන දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි. (මරණය වාර්තා කරන ලද දිනය 2020 දෙසැම්බර් 15)

Giraya News Alerts

157 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 15 මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 84ක පිරිමි පුද්ගලයෙකි. 2020 දෙසැම්බර් 12 වන දින කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි. (මරණය වාර්තා කරන ලද දිනය 2020 දෙසැම්බර් 15)

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top