Advertise with Giraya
NEWS

ඊයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 309ක්

ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 34,121ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ (15) දිනයේ දි වාර්තා වූ ආසාදිතයින් 643 දෙනා ද ඇතුළුවයි.

එම ආසාදිතයින් 643 දෙනාගෙන් 309 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත. ඉන් 69 දෙනෙකු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් ද, 62 දෙනෙකු මට්ටක්කුලිය ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබෙනවා.

තවද, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 119 ක් ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 104 ක් ද, ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 28 ක් ද, මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 15 ක් ද, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 12 ක් ද ඊයේ (15) ආසාදිතයන් අතර වේ.

කුරුණෑගල සහ මහනුවර දිස්ත්‍රික්වලින් ඊයේ (15) වාර්තා වී ඇත්තේ කොරෝනා ආසාදිතයන් 08 දෙනා බැගින් ය. අම්පාර හා බදුල්ල දිස්ත්‍රික්වලින් ආසාදිතයන් 04 ක් බැගින් ද, නුවරඑළිය, කෑගල්ල හා පොළොන්නරුව දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් දෙදෙනා බැගින් ද වාර්තා වී තිබෙනවා. පුත්තලම, මඩකලපුව, අනුරාධපුර, ත්‍රිකුණාමලය හා මන්නාරම දිස්ත්‍රික්කවලින් එක් ආසාදිතයා බැගින් ද හඳුනාගෙන තිබෙනවා.

මීට අමතරව විදෙස්ගතව සිට මෙරටට පැමිණි 21 දෙනෙකු ද ඊයේ (15) වාර්තා වූ ආසාදිතයින් අතර වේ.

දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 9100ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොරෝනා වෛරසය හේතුවෙන් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 154කි. වාර්තා වූ සමස්ත ආසාදිතයින්ගෙන් 24,867 දෙනෙකු ම සුවය ලබා තිබෙනවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top