කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණය පරිශ්‍රයේ ඇති අබලි භාණ්ඩ ගබඩාවේ අද (15) දින පස්වරු 4.45ට පමණ ගින්නක් ඇති වී ඇති බවත්, එම ගින්නෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ කිසිදු කාර්යාලයකට හෝ ලිපිගොනු ඇතුළු කිසිදු භාණ්ඩයකට හානියක් සිදු වී නොමැති බවත් අධිකරණ අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ ප්‍රකාශ කරයි.
මෙම අබලි භාණ්ඩ ගබඩාව ශ්‍රේෂ්ඨාධිකරණය පිහිටි ප්‍රධාන ගොඩනැගිල්ලට පිටතින් පිහිටි ගොඩනැගිල්ලේ බිම් මාලයේ පිහිටා තිබූ බවත් ඒ අනුව ගින්න මඟින් හානි සිදු වී ඇත්තේ එකී අබලි ගබඩාවට පමණක් බවත් අමාත්‍යාංශය ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිිටියි.
එමෙන්ම, එම ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර තිබෙන අතර ගිනි ගැනීමට හේතු තවමත් අනාවරණය වී නොමැති බවද අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කරයි. ඒ සම්බන්ධව කඩිනම් පරීක්ෂණ කටයුතු සිදු කිරිම මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හා රජයේ රස පරීක්ෂක දෙපාර්තුමේන්තුව වෙත භාර දී ඇති බව ද අමාත්‍යාංශ ලේකම්වරයා දන්වා සිටියි.
