චීන වරාය ගුවන් හමුදා කඳවුරෙන් ගුවන් ගතවූ පී ටී 6 වර්ගයේ පුහුණු ගුවන් යානයක් කන්තලේ සූරියපුර ජනරංජන වැව අසලට කඩා වැටී තිබෙනවා.
එතුළ එක් නියමුවෙකු සිරවී සිටින අතර ඔහු ගලවා ගැනීම සඳහා පොලිසිය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව මේ වනවිට මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ සඳහන් කළේ, අද (15) උදෑසන චීන වරාය ගුවන් හමුදා පුහුණු පාසලෙන් පියාසර කළ පසුව කන්තලේ සූරියපුර ප්‍රදේශයේ දී මෙම යානය සහ ගුවන් ගමන් පාලක මැදිරිය අතර තිබු සන්නිවේදන සබඳතා බිඳ වැටී තිබූ බවයි.
එහි නියමුවන් දෙදෙනෙකුට ගමන් කල හැකි වුවද මෙම අවස්ථාවේදී එහි ගමන් කර ඇත්තේ එක් අයෙකු පමණයි.




