බම්බලපිටියේ පිහිටි යුනිටි ප්ලාසා වෙළඳ සංකීර්ණය තාවකාලිකව වසා දමා ඇති බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් එම්. බාලසූරිය සඳහන් කළේ, යුනිටි ප්ලාසාහි පිහිටි ලැප්ටොප් පරිගණක වෙළඳසැලක සේවය කළ හය දෙනෙකු කොවිඩ් – 19 ආසාදිත බවට තහවුරු වී ඇති බවයි.
මේ වන විට, ඔවුන්ගේ ආශ්‍රිතයින් හඳුනා ගැනීමේ කටයුතු සිදු කරමින් පවතින බවත් එතෙක් තාවකාලිකව එම වෙළඳ සංකීර්ණය වසා දැමීමට කටයුතු කළ බවත් එම්.බාලසූරිය වැඩිදුරටත් සඳහන් කරයි.
