Advertise with Giraya
Giraya NewsGiraya News
POLITICS

වසර 2ක් පළාත් සභා නොපැවැත්වීම නිසා රටට කෝටි 2000ක් ලාභයි

වසර දෙකකට ආසන්න කාලයක් ඇතුළත පළාත් සභා නොපැවැත්වීම තුළ රුපියල් කෝටි 2000 කට අධික ලාභයක් මෙරටට ලැබී ඇතැයි දකුණු පළාත් ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.

ඇඹිලිපිටියේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්වහන්සේ කියා සිටියේ පළාත් සභා රටකට අනවශ්‍යය බරක් වී ඇති බවයි.

පවතින තත්වය හමුවේ පළාත් සභා හෝ වෙනත් කිසිදු මැතිවරණයක් පැවැත්වීමට මේ වනවිට රටේ වාතාවරණයක් ද නොමැති බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් වැඩිදුරටත් පැවසුවා.

Giraya News Alerts

‘පළාත් සභා නොපැවැත්වීම නිසා අඩුම ගානේ, මේ කාලය තුළ, අවුරුදු දෙකක පමණ කාලය තුළ පළාත් සභා නොමැතිකම නිසා අඩුම ගානේ රුපියල් කෝටි 2000කට වැඩිය ලාභයක් මේ රටට ලැබිලා තියෙනවා. කුමක්ද මේ පළාත් සභා මැතිවරණය පිළිබඳ ප්‍රශ්නය? පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු ද? ආර්ථික වශයෙන් මේ තරම් දරිද්‍රතාවයට පත්වෙච්ච රටකට ද නැවතත් රුපියල් කෝටි ගණන් වියදම් කරලා මැතිවරණයක් කළ යුතුයි කියලා යෝජනා කරන්නේ? පළාත් සභා මැතිවරණයක් පවත්වන්න තරම් පළාත් සභා හෝ කිනම් ආකාරයක හෝ මැතිවරණයක් පැවැත්වීමට තරම් රටේ සාමකාමී වාතාවරණයක් නැහැ. එබඳු තත්ත්වයක් යටතේ පළාත් සභා හෝ කිනම් ආකාරයක මැතිවරණයකට මේ අවස්ථාව නෙමෙයි. දිනෙන් දින ආර්ථික වශයෙන් අගාධයට යන මේ රටේ පළාත් සභා නඩත්තු කිරීමට තරම් වත්කමක් තියෙනවාද ? අඩුම ගානේ අවුරුද්දකට රුපියල් කෝටි දහසක වියදමක් පළාත් සභා නඩත්තුවට යනවා. මේ මැති ඇමතිවරුන්ට නිලධාරීන්ට, වාහන වලට, නිල කාර්යාලවලට සහ නිල රථවලට මේ නඩත්තුව කරන්න පුළුවන් ද? එහෙම කරන්න පුළුවන් ආර්ථික ශක්තියක් ලංකාණ්ඩුවට තියෙනවා ද? නෑ. එක එක දේශපාලකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ඥාති හිතවතුන්ගේ හිත් සතුටු කරන්න, ඔවුන්ට දේශපාලනමය අවස්ථා ලබා දෙන්න මිස වෙන කිසිදු අවශ්‍යතාවයක් නැහැ පළාත් සභා පවත්වන්න. මේ රටේ ජනතාව පළාත් සභා අවශ්‍යයි කියලා දැන් කියන්නෙත් නෑ. එදා කිව්වෙත් නෑ. පළාත් සභා කියන්නේ අනවශ්‍ය බරක්’

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top