Advertise with Giraya
NEWS

පානීය ජලයට ටිනර් මුසු වී හබරාදුව පාසලක සිසුවියන් සිව් දෙනෙකු රෝහලේ

හබරාදුව ලණුමෝදර ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන සිසුවියන් 04 දෙනෙකු විසින් පානය කළ ජලයට ටිනර් මිශ්‍රවීමෙන් රෝගී වීම නිසා එම සිසුවියන් සිව්දෙනා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කොට ඇති බැව් හබරාදුව පොලිසිය පවසයි.

මෙම සිසුවියන් සිව්දෙනා පාසල් කාලය තුළදි දිවා අහාරය ගැනීමෙන් පසු නිවෙස්වලින් රැගෙන එනු ලැබු බෝතල්වල තිබු ජලය පානය කොට ඇත.ඒ සමග ඇතිවු රෝගි තත්වයක් හේතුවෙන් මෙම සිසුවියන් සිව්දෙනා කරාපිටිය ශික්ෂණ රෝහලේ 35 වාට්ටුවට ඇතුලත් කර ඇත. සිසුවියෝ සිව්දෙනා 10 වසරේ ඉගෙනුම ලබති.

සිසුවියන් විසින් ජලය රැගෙන එනු ලැබු බෝතල්වලට කිසියම් අයකු විසින් ටිනර් දැමුවා ද යන්න පිළිබද පොලිසිය විමර්ශනයක් ආරම්භකර ඇත. ඒ අනුව, එක් සිසුවියකගේ බෑගයේ ටිනර් බෝතලයක් තිබී ඇති බව පොලිසිය පවසයි. පොලිසිය විසින් මෙකි සිසුවියගෙන් කළ ප්‍රශ්න කිරිමේ දි ඇය පවසා ඇත්තේ තමන්ගේ බෑගයට කිසිවකු විසින් ටිනර් බෝතලයක් දමා ඇති බවය.

Giraya News Alerts

මෙම සිසුවියන් සිව් දෙනාගෙන් සිසුවියන් දෙදෙනෙකු මේ වන විට සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇත.ඔවුන්ගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top