ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 33,478ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ, ඊයේ (14) දිනයේ දී අලුතෙන් හඳුනාගත් ආසාදිතයින් 688 දෙනා ද ඇතුළුවයි.
කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (14) දිනයේ දි ආසාදිතයින් 200ක් හඳුනාගෙන ඇති අතර ඉන් 65ක් බොරැල්ල ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. තවත් ආසාදිතයින් 58 දෙනෙකු මැගසින් බන්ධනාගාරයෙන් වාර්තා වි ඇත.
කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 117 දෙනෙකු ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 113 දෙනෙකු ද වාර්තා වී ඇත. ඒ අනුව, ඊයේ (14) දිනයේ දී බස්නාහිර පලාතෙන් ආසාදිතයින් 430 දෙනෙකු වාර්තා වී ඇත.
මීට අමතරව පහත සඳහන් දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.
- මුලතිව් දිස්ත්‍රික්කය -55
- ගාල්ල දිස්ත්‍රික්කය – 48
- නුවරඑළිය දිස්ත්‍රික්කය – 38
- අම්පාර දිස්ත්‍රික්කය – 28
- කුරුණෑගල දිස්ත්‍රික්කය – 17
- මහනුවර දිස්ත්‍රික්කය – 16
- රත්නපුර දිස්ත්‍රික්කය – 13
- මොණරාගල දිස්ත්‍රික්කය – 13
- මාතලේ දිස්ත්‍රික්කය – 08
- වව්නියාව දිස්ත්‍රික්කය – 07
- යාපනය දිස්ත්‍රික්කය – 06
- කෑගල්ල දිස්ත්‍රික්කය – 02
- පුත්තලම/මාතර/හම්බන්තොට/මඩකලපුව – එක් ආසාදිතයා බැගින්
එමෙන්ම, විදෙස්ගතව සිට මෙරටට පැමිණි ආසාදිතයින් තිදෙනෙකු ද ඊයේ (14) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් අතර වේ.
දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 9015ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම, ඊයේ (14) දිනයේ දී තවත් කොරෝනා මරණ 02ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද අතර ඒ අනුව මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ ගණන 154ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වාර්තා වූ ආසාදිතයින්ගෙන් 24,309ක් සුවය ලබා ඇත.
