සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 02ක් තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 154කි.
153 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 73ක කාන්තාවකි. 2020 දෙසැම්බර් 11 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය සමඟ අධි රුධිර පීඩනය නිසා ඇති වූ හෘදයාබාධායකි. (මරණය වාර්තා කරන ලද දිනය 2020 දෙසැම්බර් 13)
154 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 65ක පිරිමි පුද්ගලයෙක. කොළඹ පෞද්ගලික රෝහලක දී 2020 දෙසැම්බර් 13 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි. (මරණය වාර්තා කරන ලද දිනය 2020 දෙසැම්බර් 14)
