කොවිඩි -19 වෛරසය වැළඳී මිය යන ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයන්ගේ දේහ භූමදානයට භාරගන්නා ලෙස ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් විශේෂ ඉල්ලීමක් ලැබී ඇති බව මාලදිවයින විදේශ අමාත්‍යවරයා පවසනවා.
ට්විටර් පණිවුඩයක් තබමින් මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා ශාහීඩ් සඳහන් කරන්නේ තම ජනාධිපති ඊබ්‍රාහීම් මොහොමඞ් සෝලි ඒ සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශව සමග ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.
ඒ අනුව, කොරෝනා වැළඳී මියයන ලාංකික මුස්ලිම් බැතිමතුන්ගේ දේහ සම්බන්ධ අවසන් කටයුතු මාලදිවයිනේදී සිදුකිරීමට ඇති හැකියාව සොයා බැලෙමින් ඇති බවද එරට විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කලා.
දෙරට අතර දීර්ඝ කාලයක සිට පවතින මිතුදම මෙන්ම පවතින වාතාවරණය යටතේ මුහුණදී ඇති ගැටළු සැළකිල්ලට ගෙන අවසන් තීරණයක් ගනු ඇති බව අබ්දුල්ලා ශාහීඩ් වැඩිදුරටත් සඳහන් කරයි.
