Advertise with Giraya
NEWS

සෞඛ්‍ය නිලධාරීන්ට කෙළ ගැසූ පුද්ගලයාට වසර 5ක සිර දඬුවමක් ?

කොවිඩ් ආසාදිත යම් පුද්ගලයෙකුගේ නොසැළකිලිමත්බව හේතුවෙන් වෛරසය ආසාදනය වී වෙනත් අයෙකු මියගියහොත් අදාළ පුද්ගලයාට එරෙහිව නොසැළකිලිමත් ක්‍රියාවක් හේතුවෙන් තවත් අයෙකුගේ මරණය සිදුකිරීම යන කරුණ සම්බන්ධයෙන් නඩු පවරන්නට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, ‘දෙරණ’ මාධ්‍ය ජාලයේ වැඩසටහනකට එක් වෙමින්ය.

එම අවස්ථාවේ දි වැඩිදුරටත් අදහස් පළ කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා “යම්කිසි කෙනෙක් කොවිඩ් රෝගය තියෙද්දී පීසීආර් කරන්නේ නැතුව නොසැළකිළිමත් ලෙස ඉඳලා ඒ ක්‍රියාවේ ප්‍රතිඵලයක් හැටියට කොවිඩ් රෝගය වැළඳිලා තවත් අයෙකු මියගියොත් එවිට ඒ පුද්ගලයාට එරෙහිව නොසැළකිළිමත් ක්‍රියාවකින් යම් තැනැත්තෙකුගේ මරණය සිදුකිරීම සම්බන්ධයෙන් ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 298වන වගන්තිය යටතේ නඩු පැවරීමේ හැකියාවක් තිබෙනවා. එහෙම නඩුවක් පැවරුවොත් ඔහුට වසර 05 සිට වසර 10 දක්වා කාලයකට බරපතළ වැඩ ඇතිව සිරදඬුවමක් නියම කිරීමේ හැකියාව තිබෙනවා. ද්වේශ සහගතව කොවිඩ් රෝගය ව්‍යාප්ත කිරීමට උත්සහ කරන අයෙකුට අවුරුදු 03 දක්වා බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කරන්න පුළුවන්,”

Giraya News Alerts

“යම් කොවිඩ් ආසාදිතයෙකු සැඟවිලා ඉන්න ගෙයක් පාවිච්චි කරන්න පුළුවන්, මෝටර් රථයක පැනලා යන්න පුළුවන්. චංචල නිශ්චල එවැනි දේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට (නිසි බලධාරියාට) පුළුවන් ඒ දේපළ මුද්‍රා තබලා අවශ්‍ය කරුණු අධිකරණයට වාර්තා කරන්න. ඒ අනුව අපි මෙවැනි පුද්ගලයින්ට රැකවරණය දෙන නිවාස, ඔවුන්ව ප්‍රවාහනය කරන මෝටර් රථ පොලීසිය භාරයට ගන්න කටයුතු කරනවා. ඒ වගේම බුද්ධි අංශ හරහා අපිට අනාවරණය වුණා සමාජජාල මාධ්‍ය භාවිතා කරමින් ගම්වල ඉන්න ජනතාවට පෙළඹවීම් කරනවා, PCR සඳහා පෙනී සිටින්න එපා කියලා. යම් කණ්ඩායමක් විසින් එවැනි දේ කරනවා. මේ රෝගය පාලනය කරන එකට බාධා ඇති කරන්න තමයි ඔවුන් කටයුතු කරමින් ඉන්නේ. එවැනි පුද්ගලයින් 04 දෙනෙකු මේ වනවිට හඳුනාගෙන තියෙනවා. සෞඛ්‍ය සේවකයින්ට කෙළ ගැසූ පුද්ගලයාට ඉදිරියේදී වගන්ති කිහිපයක් යටතේ නඩු පැවරීමට පියවර ගන්නවා. ඔහු දැනට රිමාන්ඩ් භාරයේ පසුවෙන්නෙ. සාමාන්‍යයෙන් ඔහු වසර 05ක පමණ සිරදඬුවමකට යටත් වෙයි,” යනුවෙන් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top