ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 32,790ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ (13) දිනයේ දී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 655 දෙනා ද ඇතුළුවයි.
කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (13) දිනයේ දී ආසාදිතයින් 444 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 156 දෙනෙකු ම බොරැල්ල ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. ඒ අනුව, පසුගිය ඔක්තෝබර් 04 වනදා සිට මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති මුලු කොවිඞ් ආසාධිතයන් ගණන 14,551 දක්වා ඉහළ ගොස් ඇත.
තවද, මට්ටක්කුළියෙන් 53 ක්, කොම්පඤ්ඤවීදියෙන් 49 ක්, අවිස්සාවේල්ලෙන් 37 ක්, කොළොන්නාව හා බ්ලූමැන්ඩල් ප්‍රදේශවලින් හඳුනාගත් ආසාදිතයන් 18 දෙනා බැගින්ද වාර්තා වී තිබෙනවා. මරදානේ 15 ක්, නාවල 15 ක්, වැල්ලවත්තේ හා දෙමටගොඩ 13 දෙනා බැගින් ද ඊයේ (13) ආසාදිතයන් වාර්තා වී ඇත.
මේ අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ (13) ආසාදිතයන් 75 ක්ද, අම්පාරෙන් 41 ක්ද, කුරුණෑගලින් 22 ක්ද, කළුතරින් 19 ක්ද ලෙස ආසාදිතයන් වාර්තා වී තිබෙනවා. රත්නපුරයෙන් ආසාදිතයින් 05 ක්, අනුරාධපුර හා මාතලේ දිස්ත්‍රික්වල 04 දෙනා බැගින් ද පුත්තලමේ 03 ක් සහ මාතර දෙදෙනෙකුද ඊයේ (13) වාර්තා වූ ආසාදිතයන් අතරට අයත් වේ.
මහනුවර, මඩකලපුව, ත්‍රිකුණාමලය හා මොණරාගල දිස්ත්‍රික්වලින් ඊයේ වාර්තා වී ඇත්තේ එක් ආසාදිතයා බැගින් ය.
විදේශයන්හි සිට පැමිණි 05 දෙනෙකුද ප්‍රදේශය හඳුනා නොගත් පුද්ගලයන් 27 දෙනෙකුද ඊයේ (13) වාර්තා වූ ආසාදිතයන් අතර වන බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 8329ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොරෝනා ආසාදනය හේතුවෙන් මිය ගිය තිදෙනෙකුගේ මරණ ඊයේ (13) දිනයේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ අතර ඒ අනුව මෙරටින් වාර්තා වු කොරෝනා මරණ ගණන 152ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් 24,309 දෙනෙකු සුවය ලබා තිබේ.
