Advertise with Giraya
NEWS

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ සිරුරු භූමිදානයට මාලදිවයිනේ දූපතක් වෙන් කරයි

මෙරට මුස්ලිම් ප්‍රජාව විසින් දිගින් දිගටම සිදුකරනු ලබන ඉල්ලීම් ගැන අවධානය යොමු කිරීමෙන් අනතුරුව මෙරට දී කොවිඩ් වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ සිරුරූ භූමදාන කිරීමට මාලදිවයින රජය ඉදිරිපත් වී ඇති බව “ඩේලි මිරර්” පුවත්පත වාර්තා කරයි.

මුස්ලිම් කොවිඩ් – 19 ආසාදිතයින්ගේ ආදාහනය සිය ආගමික විශ්වාසයන්ට පටහැනි බවට මුස්ලිම් ප්‍රජාව සිය විරෝධය පළ කිරීම හේතුවෙන් කොවිඩ් – 19 ආසාදිතයින් ආදාහනය දැඩි මතභේදකාරී තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.

‘ඩේලි මිරර්’ පුවත්පතට අනුව මාලදිවයින රජය ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයට නිල ප්‍රකාශයක් මගින් සිය ඉල්ලීම ඉදිරිපත් කර තිබෙනවා.

මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ විදේශ අමාත්‍යංශය සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇත්තේ මාර්ගෝපදේශයක් සකස් කර එවැනි ඉල්ලීමක් කළ හැකි ආකාරය පිළිබඳව සොයා බලන ලෙසයි.

මාලදිවයින දූපත් ගණනාවකින් සමන්විත බව පෙන්වා දෙන වෛද්‍ය හේමන්ත හේරත්, කෝවිඩ් වින්දිතයින් භූමදානය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සමාන කිසිදු ගැටලුවකට රට මුහුණ නොදෙන බව පැවසීය.

කෝවිඩ් – 19 වෛරසය ආසාදනය වී මිය යන පුද්ගලයින්ගේ සිරුරූ භූමදානය සඳහා එක් දූපතක් වෙන් කිරීමට මාලදිවයින් රජය යෝජනා කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය එවැනි ක්‍රියාවලියක ප්‍රායෝගිකභාවය පිළිබඳව අධ්‍යයනය කරනු ඇති බව ද වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරයි.

වෛද්‍ය හේමන්ත හේරත් වැඩිදුරටත් සිටියේ මේ පිළිබඳව ශක්‍යතා අධ්‍යයනයක් අවසන් කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top