Advertise with Giraya
NEWS

කෑගල්ලේ දෙපිරිසක් අතර ගැටුමකින් අට දෙනෙකු රෝහලේ

කෑගල්ල ගෝලින්ද වත්ත ප්‍රදේශයේ දෙපිරිසක් අතර කලක් තිස්සේ පැවැති ආරවුලක් දුරදිග යෑමෙන් ඊයේ (13) රාත්‍රීයේ ගැටුමක් හටගෙන තිබේ.

ගැටුමෙන් කාන්තාවක් ඇතුළු 8 දෙනෙකු තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කළ බව කෑගල්ල පොලීසිය පැවසීය. ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවද වාර්තා වෙයි.

ගැටුම පාලනය කිරීම සඳහා ඊයේ (13) රාත්‍රීයේ ගෝලින්ද වත්තට පොලිස් ආරක්ෂාව යොදවා තිබුණු බව අප වාර්තාකරු පැවසීය.

Giraya News Alerts

කෝවිලේ වේල් කරත්තය රැගෙන යාම සම්බන්ධයෙන් මෙම වත්තේ දෙපිරිසක් අතර පැවති ආරවුලක් දුරදිග යෑම ගැටුමට මුල්වී ඇති බව මේ වනවිට අනාවරණය වී ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top