Advertise with Giraya
NEWS

ශ්‍රී ලංකාවේ සිදු වූ කොරෝනා මරණ ගණන 152ක් දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 03ක් තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 152කි.

150 වන කොවිඩ් – 19 ආසාදිත මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 62ක කාන්තාවකි. කොළඹ ජාතික රෝහලේ සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු මුල්ලේරියාව මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2020 දෙසැම්බර් 12 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සමඟ ඇති වූ උග්‍ර හෘදයාබාධයකි.

151 වන කොවිඩ් – 19 ආසාදිත මරණය ලෙස වාර්තා වන්නේ, වත්තල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 71ක කාන්තාවකි. කොළඹ පෞද්ගලික රෝහලක සිට අයි.ඩී.එච්. රෝහල වෙත මාරු කර එවා ඇති අතර එම රෝහලේ දි 2020 දෙසැම්බර් 12 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියා තත්ත්වය සහ ලේ විෂ වීම නිසා ඇති වූ කම්පන තත්ත්වයයි.

Giraya News Alerts

152 වන කොවිඩ් – 19 ආසාදිත මරණය ලෙස වාර්තා වන්නේ, මාතලේ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 76ක පිරිමි පුද්ගලයෙකි. කොළඹ පෞද්ගලික රෝහලක සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු අනුරාධපුර දිස්ත්‍රික් රෝහල වෙත මාරු කර එවා ඇති අතර එම රෝහලේ දී 2020 දෙසැම්බර් 12 වන දින මිය ගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියා තත්ත්වය සමඟ හෘදය අක්‍රිය වීමයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top