Advertise with Giraya
NEWS

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා යෝජනාව හෙට කැබිනට් මණ්ඩලයට

කල් දමා ඇති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය කැබිනට් යෝජනාව හෙට දින (14) පැවැත්වෙන කැබිනට් හමුවට ඉදිරිපත් කරන බව පලාත් සභා සහ පලාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් දඹුල්ලේ දී පැවසීය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද (13) දින දඹුල්ලේ පැවති පොදුජන පෙරමුණ කාන්තා බලමණ්ඩලය අමතමින් ය.

එසේම වසර තුනක කාලේ කාලයක් නොපැවත්වූ පළාත් සභා මැතිවරණය ඉතාම ඉක්මනින් පැවැත්වීමට කටයුතු සුදානම් කරන බවත් ජනාධිපතිවරයා අගමැතිවරයා සහ බැසිල් රාජපක්ෂ මහතා ඉතාම ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට උපදෙස් ලබාදී ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

Giraya News Alerts

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පළාත් සභා පළාත් පාලන සහ අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මෙසේ පැවසුවා.

“මේ මුව ආවරන දාගෙන දේශපාලනය කරන එක හරි අමාරු වැඩක් මොකද හිනාවෙනවද රවනවද කියලා හොයාගන්න බෑ. අපි හැම වෙලාවෙම හිනා වෙලා ඉන්න මිනිස්සු නිසා දැන් අපි හිනා උනාට පේන්නෙත් නෑ.මේ වසංගතය නිසා ගොඩක් පසුතැවිල්ලට පත් වෙලා තියෙනවා. නමුත් අපි ධෛර්යසම්පන්නව අපේ ඉදිරි කටයුතු කරන්න ඕනේ.sසෞඛ්‍යානුකූලව.

අද කාන්තාවන් හැටියට පිරිමින්ට වැඩිය කාන්තාවන්ට තියෙන එකම පහසුකමයි මම දකින්නේ. ඒ තමයි රැවුල කපන්න නැති එක.රැවුල කපන එකේ තියෙන අමාරුව දන්නේ අපි.

අද දේශපාලන වශයෙන් කාන්තාවට තියෙන තැන මදි. කාන්තාව මීට වඩා ඉදිරියට එන්න ඕනේ. ඒ සඳහා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා වශයෙන් ඉදිරි කාලයේ දී කාන්තාවට නිසි තැන දෙන්න අනිවාර්යයෙන්ම කටයුතු කරනවා.

ඒ වගේම පළාත් සභා මැතිවරණයඅවුරුදු තුනක් නෑ.මේ රටේ පළාත් සභා මැතිවරණ ඉතිහාසයේ හිටපු පළත් සභා ඇමතිවරයෙක් මම නම කියන්නේ නෑ පනතක් ගෙනාවා පාර්ලිමේන්තුවට මමත් හිටියා. පළාත් සභා මැතිවරණය සංශෝධනය කරන්න පනත ගෙනල්ලා මේ යකාත් ඒකට විරුද්ධව ඡන්දය දුන්නා. මේ පනත ගෙනාපු ඇමති.මං හිතන්නේ ලෝක ඉතිහාසයේ ඇමති කෙනෙක් පනතක් ගෙනල්ලා එයාම ඒකට විරුද්ධව ජන්දේ දුන්න් එකම් අවස්ථාව.යහපාලන ආණ්ඩුවට ආණ්ඩුවට පිං සිද්ධ වෙන්න ඒ කාරණයත් ලෝක ඉතිහාසයට එකතු කරන්න පුළුවන් වුණා.

මම හෙට දැන් කැබිනට් රැස්වීම තියෙනවා කැබිනට් රැස්වීමටත් මෙහෙම එකතු වෙන්න බෑ. සූම් හරහා තමයි එකක් කරන්නෙ. එහෙම තමයි දැන් දෙපාරක් තිබ්බේ.තුන්වෙනි රැස්වීම තියෙනේ හෙට. මම සහභාගි වෙන්නේ මගේ අමාත්‍යාංශයේ කාර්යාලයේ ඉඳලා.කට්ටිය පේනවා හැබැයි මුණ ගැහෙන්නෙ නෑ.මම හෙට යෝජනාවක් ගෙනල්ලා තියෙනවා පළාත් සභා මැතිවරණය වහාම පවත්වන්න කටයුතු කරන්න ඕනේ කියලා.පළාත් සභා මැතිවරණය ඉතාම් ඉක්මනින් පවත්වන්න ගරු ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් බැසිල් රාජපක්ෂ මැතිතුමත් අපිට උපදෙස් දීලා තියෙනවා. අපි පළාත් සභා මන්ත්‍රීවරු එක්ක හිටපු සභාපතිවරු එක්ක අරලියගහ මන්දිරයේ රැස්වෙලා තීන්දු කරා පළාත් සභා මැතිවරණය පවත්වන්න. කලින් වගේම මේ මැතිවරණයේදීත් අපි ඔබ තුමියලාගෙ සහයෝගය අපිට ඉතාමත්ම වැදගත් අපි ඔබතුමියන්ලාගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා.”

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top