ශ්‍රී ලංකාවේ පෙබරවාරි මස සිට මෙතෙක් සිදු කරන ලද පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව දස ලක්ෂය ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වාර්තා කරයි.
එමෙන්ම, ඊයේ (12) දිනයේ දී පීසීආර් පරීක්ෂණ 15,239ක් සිදු කර තිබෙනවා. මෙරට එක් දිනක දී සිදු කරන ලද වැඩිම පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය දෙසැම්බර් 11 වන සිදු කර තිබෙන අතර එය 17,425ක් වූ ප්රමාණයකි.
එක් එක් මාසවල දී මෙරට සිදු කරන ලද පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය පහත පරිදි වේ.
- පෙබරවාරි – 14
- මාර්තු – 2552
- අප්‍රේල් – 19,852
- මැයි – 42,873
- ජුනි – 42,455
- ජුලි – 52,526
- අගෝස්තු – 67,813
- සැප්තැම්බර් – 61,536
- ඔක්තෝම්බර් – 223,147
- නොවැම්බර් – 290,097
