Advertise with Giraya
NEWS

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් තවත් ආසාදිතයින් වාර්තා වෙයි

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තවත් සේවකයින් තිදෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඒ අනුව මේ වන විට ආර්ථික මධ්‍යස්ථානයේ සේවකයින් 11 දෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වි ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. ඊට අමතරව දඹුල්ල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයෙකුට ද කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත සඳහන් කර සිටියේ, ආසාදිත වී ඇත්තේ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැල් 3ක සේවකයන් තිදෙනෙක් සහ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත ග්‍රාම නිලධාරීවරයෙක් බවයි. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පීසීආර් පරීක්ෂණ තවදුරටත් සිදුකරමින් පවතී.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top