Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

කොරෝනා සඳහා සොයා ගත් දේශීය ප්‍රතිකාර සහ ඖෂධ විද්‍යාත්මකව තහවුරු කිරීම කඩිනම් කරන්නැයි අගමැතිගෙන් උපදෙස්

කොවිඞ්-19 සම්බන්ධයෙන් දේශීය වශයෙන් සොයාගෙන ඇති ප්‍රතිකාර ක්‍රම සහ ඖෂධ සම්බන්ධ විද්‍යානුකූල තහවුරු කිරීම් කඩිනම් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජාතික පර්යේෂණ සභාවට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, කොළඹ විශ්වවිද්‍යාලයේ නිර්දේශිත දේශීය වෙදකමක්, ආචාර්ය හර්ෂ සුබසිංහ මහතාගේ සහ ඉන්දික ජාගොඩගේ මුලිකත්වයෙන් සැකසූ කොවිඞ් සදහා විශේෂිත වූ දේශීය ප්‍රතිකාර ක්‍රම හා කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතාගේ ඖෂධ පැණිය වැඩිදුරටත් විද්‍යානුකූල පරීක්ෂණයකින් තහවුරු කිරීමට අග්‍රාමාත්‍යවරයා විසින් ජාතික පර්යේෂණ සභාවට නිර්දේශ කර ඇත.

කෑගල්ල ධම්මික බණ්ඩාර වෙද මහතාගේ පැණිය පිළිබඳව පර්යේෂණ පත්‍රිකාවක් රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්යවරුන්ගේ මැදිහත්වීමෙන් ඉදිරිපත් කිරීමට නියමිතයි.

Giraya News Alerts

ඒ පිළිබඳව පර්යේෂණ සඳහා මෙරට සියළුම වෛද්‍ය විද්‍යාල නියෝජනය වන පරිදි කායික විද්‍යාව පිළිබඳ විශේෂඥ දැනුම සපිරි ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් පස් දෙනෙකු සහ ජාතික පර්යේෂණ සභාව වෙනුවෙන් ජාතික පර්යේෂණ සභාවේ සභාපති ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත දොඩම්පහල යොමු වී සිටිනවා.

මේ අතර ලෝකයේ කොවිඩ් -19 සම්බන්ධයෙන් සොයාගත් එන්නත් වර්ග ගැන හැදෑරීමක් කොට ඒ පිළිබඳ වාර්තාවක් සපයන ලෙස මීට පෙර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජාතික පර්යේෂණ සභාවට දැනුම් දී තිබුණා.

ඒ අනුව, සකස් කළ වාර්තාව පදනම් කර ගනිමින් කොවිඞ්-19 වෛරසයට මෙතෙක් සොයාගෙන ඇති විශිෂ්ටතම එන්නත් වර්ග තුන සම්බන්ධ සී.ඩී.ඒ වාර්තාව ජාතික පර්යේෂණ සභාව විසින් සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි වෙත භාර දී ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කල නිවේදනයක සඳහන් වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top