දේශීයව නිෂ්පාදනය කළ කොරෝනා මර්දන ඖෂධයේ රසායනාගාර පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් වැරදි මත සමාජගත නොකර සිටින ලෙස රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර විපක්ෂයෙන් ඉල්ලා සිටියි.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ය.
ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් රාජ්‍ය අමාත්‍යවරයා, ‘බෙහෙතක් හොයා ගන්න තාක් කල් මේකෙන් බේරෙන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපේ රටේ වෛද්‍යවරයෙක් හෝ කිනම් පුද්ගලයෙක් යමක් හොයාගෙන ඒක පරීක්ෂණ මට්ටමේදී යම්කිසි සාර්ථකභාවයක් තිබුණා නම්, ඒ සාර්ථකභාවය තිබුණ නිසා තමයි රජයත් මැදිහත් වුනේ මේ ගැන විද්වත් කමිටුවක් පත් කරලා මේ බෙහෙත ජනතාවට දුන්නාම ඒකේ ප්‍රතිඵලය බලා ගන්නේ කොහොමද කියලා. ඉතින් මේ කමිටුවක් පත් කරලා ඒ කටයුතු කරගෙන යනවා. හැබැයි, මේක හොඳද නරක ද දෙනවාද නැද්ද කියලා රජයක් හැටියට කටයුතු කරන්න පෙර අපේ රටේ විපක්ෂය පාර්ලිමේන්තුවේදීත් කියනවා මේ පැණි දීලා පුළුවන්ද මේක කරන්න කියලා.
ලෝකේ අනිත් රටවල් හොයාගන්න දේවල් ගැන මුකුත් කියනවා. ඇමරිකාව හොයනවා. චීනය හොයනවා. ඉන්දියාව හොයනවා. දැන් හරියටම ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ නොකර විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ දී කියනවා ඇයි ඒක ඕඩර් කළේ නැත්තේ කියලා. ඒක ගෙන්නන්නේ නැත්තේ මොකද කියලා හිටන් කියපු කෙනා දැන් එයාගේ කට්ටිය දාලා කියනවා මේ පැණිය දීලා මේක හරියන්නේ නෑ කියලා.
අපි කියනවා අපේ රටේ එක්කෙනෙක් මේක හොයා ගත්තේ. මේක හරියටම විද්‍යානුකූලව පරීක්ෂණ අවසන් වුනාම මේක හොඳද නරක ද කියලා අපි බලමු. එතකන් මං රටේ සියලුදෙනාටම කියනවා. ඒකට සහයෝගය දෙන්න. මේ බෙහෙත අපේ රටෙන් හොයා ගන්න පුළුවන්කමක් ලැබුණොත් ලෝකෙම ජයග්‍රහණය කරපු රට බවට අපි පත්වෙනවා. ඒ නිසා විපක්ෂයටත් අනෙක් සියලුම අයටත් කියනවා. මේක අවසන් වෙනකන් පුංචි කාලයක් දෙන්න කියලා.’
