Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ජෙමිනිඩ් උල්කා වර්ෂාව අද සිට

ජෙමිනිඞ් උල්කාපාත වර්ෂාව අද (13) සිට සතියකට ආසන්න කාලයක් දැකබලා ගැනීමට ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව පවතිනවා.

ලබන 17 වනදා දක්වා රාත්‍රී 10 න් පමණ පසු එය දිස් වීමට නියමිත අතර අද රාත්‍රී කාලයේදී උල්කාපාත වර්ශාව පැහැදිලිවම දැක ගැනීමට හැකි බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න පවසයි. මෙහි විශේෂත්වයක් වන්නේ විවිධ වර්ණයන්ගෙන් යුක්තව උල්කා දැක බලාගත හැකි වීමයි.

ජෙමිනිඞ් උල්කාපාත වර්ෂාව පැහදිලිව දැක ගැනීමට කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මහාචාර්ය චන්දන ජයරත්න මෙලෙස කරුණු පැහැදිලි කළා.

Giraya News Alerts

‘මෙම වර්ෂයේ හොඳම උල්කා වර්ෂාව හඳුන්වන්නේ ජෙමිනිඩ් කියන නමින්. එය මිථුන රාශියේ සිට විහිදි යන ආකාරයට දිස්වන නිසා. මේ උල්කා වර්ෂාව අද රාත්‍රියේ තමයි හොඳටම පෙනෙන්නේ. 17 වනදා දක්වා තියෙනවා. නමුත් අද රාත්‍රියේ ඉතාම හොඳින් පේනවා.

මේ සඳහා රාත්‍රී 10ට පමණ පැහැදිලි අහසක් සහිත ප්‍රදේශයකට ගිහින් කළුවර තියෙන්න ඕනේ හැබැයි ආලෝකය වැඩිපුර තිබුනොත් පෙනෙන්නේ නැහැ. ඒ නිසා විදුලි ආලෝක සියල්ල නිවා දමලා විනාඩි 10ක් විතර අඳුරට හුරු වුනාට පස්සේ අහස දෙස බලා සිටින විට ගොඩාක් වෙලාවට අපි කියන්නේ හාන්සි පුටවක් වගේ බිම දිගා වෙලා ඉන්න කියලා. එහෙම බලා ඉන්න විට මේ උල්කා පැයකට 120ක් පමණ අහසේ ගමන් කරන ආකාරය දකින්න පුළුවන්කම තියෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ මෙහි විවධ වර්ණ, රතු, කහ, නිල් ඒ වගේ වර්ණ සුදු පාට ආදී විවිධ වර්ණවලින් දිස්වෙනවා. මේ අවස්ථාව හොඳටම නරඹන්න තිබෙන්නේ, පටන් ගන්නකොට ඊසාන දිග අහස දිහා බලන් උන්නාම ඇති. නමුත් අළුයම කාලය වන විට වයඹ දිශාවෙන් වගේ විහිදෙන ආකාරයක් දකින්න පුළුවන්. අළුයම 2ත් 4ත් කාලය තුළ තමයි ඉතාම හොඳ.’

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top