Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

කොරෝනා දෙවන රැල්ලේ කොළඹින් ආසාදිතයින් 14,000 ඉක්මවයි

ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 32,135ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ, ඊයේ (12) දිනයේ දී මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 760 දෙනා ද ඇතුළුවයි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (12) දිනයේ දී ද වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර ඒ ආසාදිතයින් 397ක් වේ. ඒ අනුව, ඔක්තෝම්බර් 04 වැනි දින සිට මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් ප්‍රමාණය 14,107ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් – 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වාර්තා කරයි.

කොළඹින් ඊයේ (12) දිනයේ දී ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙසේ ය.

Giraya News Alerts
  • කොළඹ නගරසභා සීමාව – 95
  • බොරැල්ල – 60
  • මට්ටක්කුලිය – 36
  • වැල්ලවත්ත – 23
  • කිරුළපන – 20
  • ග්‍රෑන්ඩ්පාස් – 18
  • පාදුක්ක – 18
  • සාලමුල්ල – 13
  • කොම්පඤ්ඤවීදිය – 12
  • බ්ලූමැන්ඩල් – 12
  • හංවැල්ල – 08
  • දෙහිවල – 07
  • බත්තරමුල්ල – 03
  • වැල්ලම්පිටිය – 03
  • පන්නිපිටිය/කොළොන්නාව/කඩුවෙල/අංගොඩ/කොහුවල – 02 බැගින්
  • ගොතටුව/හෝකන්දර/හෝමාගම/කළල්ගොඩ/කිරිවත්තුඩුව/කොස්ගම/මීතොටමුල්ල/මීගහවත්ත/නුගේගොඩ/පොල්ගස්ඕවිට/රාජගිරිය/රණාල – එක් ආසාදිතයා බැගින්

කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ (12) දිනයේ දී ආසාදිතයින් 136ක් වාර්තා වී තිබෙනවා. තවද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 50ක් ද, මහනුවර දිස්ත්‍රික්කයෙන් 55ක් ද, යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 36ක් ද වාර්තා වී ඇත.

එසේම, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 15ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 07ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 06ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 05ක් ලෙස ඊයේ (12) දිනයේ දී නව ආසාදිතයින් වාර්තා වී තිබෙනවා. තවද, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 04ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 03ක්, අම්පාර, බදුල්ල හා අනුරාධපුරය යන දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් දෙදෙනා බැගින්ද වාර්තා වී ඇත.

මීට අමතරව, ප්‍රදේශය හඳුනා නොගත් ආසාදිතයින් 35 දෙනෙකු ද, විදේ්ශයන්හි සිට පැමිණි ආසාදිතයින් 05 දෙනෙකු ද ඊයේ (12) හඳුනාගත් ආසාදිතයින් අතරට අයත් වේ.

ඒ අනුව, දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 8682ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් දෙදෙනෙකුගේ මරණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (12) දිනයේ දී තහවුරු කරන ලද අතර ඒ අනුව මෙරටින් වාර්තා වු කොවිඩ් – 19 මරණ සංඛ්‍යාව 149ක් දක්වා ඉහළ ගිය. වාර්තා වූ ආසාදිතයින්ගෙන් 23,304ක් සුවය ලබා තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top