සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 02ක් තහවුරු කරන ලද අතර ඒ් අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 149කි.
148 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 55ක පිරිමි පුද්ගලයෙකි. වැලිසර ලය රෝහලේ සිට කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු පිඹුර මූලික රෝහලටත් ඉන් පසුව මුල්ලේරියාව මූලික රෝහලටත් මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2020 දෙසැම්බර් 11 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.
149 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 66ක පිරිමි පුද්ගලයෙකි. රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී 2020 දෙසැම්බර් 10 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ උග්‍ර දියවැඩියා තත්ත්වය හා කොවිඩ් නියුමෝනියාවයි.
