Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

බුලත්සිංහලින් කොවිඩ් ආසාදිතයින් 89ක් හඳුනා ගැනේ

කළුතර දිස්ත්‍රික්කයේ, බුලත්සිංහල ප්‍රදේශයෙන් නව කොවිඩ් ආසාදිතයින් 89 දෙනෙකු හඳුනාගෙන ඇති බව කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ පවසයි.

පසුගිය දිනවල සිදුකළ පීසීආර් පරීක්ෂණ 167ක් අතුරින් එම ආසාදිතයින් වාර්තා වු බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර, බණ්ඩාරගම, අටුලුගම සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශයේ පුද්ගලයින් පීසීආර් පරීක්ෂණවලට යොමුකරවීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව ද කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේය.

Giraya News Alerts

ඒ පිළිබඳ අදහස් දැක්වු කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ,

“අටුලුගම ප්‍රදේශයේ දැනට රෝගීන් 555ක් වාර්තා වෙලා තියෙනවා. එම තත්ත්වය සැලකිල්ලට ගෙන විශාල වශයෙන් රෝගීන් වාර්තා වන ග්‍රාම නිලධාරී කොට්ඨාස අනුපිළිවෙලින් සකස් කරලා, හඳුනාගත් ග්‍රාම නිලධාරී කොට්ඨාසවල සිටින රෝගයට ගොඳුරු විය හැකි අවදානම් කණ්ඩායම් පීසීආර් පරීක්ෂණ කරන්න වැඩසටහනක් සකස් කරා. ඉදිරි සතියේ මේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම කළුතර දිස්ත්‍රික්කයේ අද වන විට රෝගීන් 1757ක් වාර්තා වෙනවා. මින් විශාල රෝගීන් සංඛ්‍යාවක් බුලත්සිංහල ප්‍රදේශයයේ වාර්තා වෙමින් පවතිනවා. පසුගිය දින කරන ලද පීසීආර් පරීක්ෂණ 167 කින් 89ක් අද රෝගීන් බවට හඳුනා ගත්තා. අපි ඒ ප්‍රදේශයේ තාවකාලිකව සංචරණ සීමා පනවා තිබෙනවා.“

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top