අපරාධ, ළමා අපයෝජන, කාන්තා දුෂණ වලට චෝදනා ලබන පුද්ගලයින් හඳුනා ගෙන අත්අඩංගුවට පත්වූ පසු ඔවුන් ගේ ජයාරූප සහ නම් ජනතාව දැනුවත් කිරීම සඳහා ප්‍රචාරය කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පවසනවා.
අපරාධ සිදුකරනු ලබන පුද්ගලයින්ට දැඩි දඬුවම් පැමිණවිය යුතු බවත් එමෙන්ම එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් සමාජයද දැනුවත් කිරීම සිදුකළ යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර, පසුගිය 08 වෙනිදා වේවැල්දෙණිය ප්‍රදේශයේදී තරුණයෙකුට ඉතා අමානුෂීය අන්දමින් පහර දීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ෂණයක් අනුව සැකකරුවන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව එම සැකකරුවන් තිදෙනා, ඔවුන් පැමිණි ත්‍රිරෝද රථය සහ පහර දීමට යොදා ගත් පොල්ලක් සහ පිහියද පොලිස් භාරයට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
-Neth News-
