මරණ දඬුවම නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව බන්ධනාගාර දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.
කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තබා ඇති ඔහු පසුගිය දිනවල පීසිආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර එහිදි ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. ඒ අනුව, ඔහුව රඳවා තැබූ වැලිකඩ බන්ධනාගාරයෙන් බන්ධනාගාර රෝහල වෙත මාරු කර යවා ඇති බව ද වාර්තා වේ.
මොහොමඩ් සියාම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය හිමි වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඒ සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කර ඇත.
