Advertise with Giraya
NEWS

ඊයෙ මට්ටක්කුලියෙන් ආසාදිතයින් 175ක්

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 31,375ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. එමෙන්ම, ඊයේ (11) දිනයේ දී නව ආසාදිතයින් 762ක් හඳුනාගෙන් ඇති අතර ඉන් 445 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින්ගෙන් 175 දෙනෙකු මට්ටක්කුලිය ප්‍රදේශයෙන් ද, ආසාදිතයින් 49 දෙනෙකු දෙමටගොඩ ප්‍රදේශයෙන් ද, වැලිකඩ බන්ධනාගාරයෙන් ආසාදිතයින් 14 දෙනෙකු ද වේ. ඒ අනුව, ඔක්තෝම්බර් 04 වැනි දින සිට මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිතයින් ගණන 13,710ක් බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ (11) දිනයේ දී ආසාදිතයින් 135ක් වාර්තා වි ඇති අතර ඉන් ආසාදිතයින් 75 දෙනෙකු මහර බන්ධනාගාරයෙන් වාර්තා වි ඇත.

Giraya News Alerts

එමෙන්ම, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 36ක් ද, ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 27ක් ද, මහනුවර සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 19 දෙනෙකු වාර්තා වී තිබෙනවා. අම්පාර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 17ක් ද, පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 10ක් ද, රත්නපුර, අනුරාධපුර හා යාපනය යන දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 09 දෙනා බැගින් ද වාර්තා වී ඇත.

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 08ක් ද, මාතලේ දිස්ත්‍රික්කයෙන් 05ක් ද, බදුල්ල දිස්ත්‍රික්කයෙන් 04ක් ද, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 03ක් ද, වව්නියාව, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් දෙදෙනා බැගින් ද වාර්තා වී තිබෙනවා. මාතර දිස්ත්‍රික්කයෙන් ඊයේ (11) දිනයේ දි වාර්තා වී ඇත්තේ එක් ආසාදිතයෙකු පමණි.

ඒ අනුව, දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 8397ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වාර්තා වූ ආසාදිතයින්ගෙන් 22,831 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත. ඊයේ (11) දිනයේ දී ද එක් කොවිඩ් – 19 මරණයක් වාර්තා වූ අතර ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත මරණ ගණන 147ක් වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top