Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ඝණ්ඨාර ලණුවට ගෙල සිරවී කුඩා දරුවෙකු ජීවිතක්ෂයට

ඝාණ්ඨාර ලණුවේ එල්ලි සෙල්ලම් කරමින් සිටි දරුවෙකු එම ලණුවට ගෙල සිර විමෙන් අද (11) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව නොර්වුඩ් පොලිසිය පවසනවා. මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ නොර්වුඩ් ඩන්කන් වත්තේ ඉහල කොටස් පදිංචි අවුරුදු 08ක් වයසැති පාසල් සිසුවෙක්.

සිය නිවස ආසන්නයේ පිහිටි එම වතු යායේ කොවිලේ ඝාණ්ඨාර ලණුවේ එල්ලි සෙල්ලම් කිරිමට ගොස් ඇති මෙම දරුවා ඝාණ්ඨාර ලණුවේ එල්ලි සෙල්ලම් කරමින් සිටියදී එම ලණුව ගෙලේ සිරවි සිටියදි එම වතුයායේ වතු අධිකාරිවරයා විසින් දැක ඒ පිළිබදව වතු කම්කරුවන් වෙත දැනුම් දි ඇත. පසුව කම්කරුවන් පැමිණ දරුවා ඉන් මුදාගෙන රෝහල් ගත කර ඇති අතර ඒ වන විටත් ඔහු මියගෙස් සිට ඇති බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් නොර්වුඩ් පොලිසිය පරික්ෂණ පවත්වයි.

Giraya News Alerts

-Neth News-

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top