Advertise with Giraya
NEWS

හුදකලා කළ පසු ගමෙන් පනින අය අල්ලන්න රැකවල් යෙදූ ගම්වාසීන්

හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාව ඉන් පිටතට යාම සම්බන්ධ පුවත් රැසක් පසුගිය දිනවල වාර්තා වූ අතර එලෙස හුදෙකලා ප්‍රදේශවලින් වෙනත් ප්‍රදේශවල සිදුවන සංචරණයන් අවම කිරීම සඳහා ආරක්ෂක අංශ මහත් පරිශ්‍රමයක් ගැනීමට සිදුව තිබෙනවා.

එවැනි පසුබිමක් තුළ තම ප්‍රදේශයේ ජනතාව වෙනත් ප්‍රදේශවලට යාම වැළැක්වීම සඳහා ආරක්ෂක රැකවල් යෙදූ ගම්වාසීන් පිළිබඳව පුවතක් වේයන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ.

වේයන්ගොඩ නගර සභා නිවාස සංකීර්ණය තුලින් කොරෝනා රෝගීන් 20 දෙනෙකු වාර්තාවීමෙන් අනතුරුව ඊයේ (10) සිට එම නිවාස සංකීර්ණයේ ජනතාව සිය නිවෙස් තුළම නිරෝධායනයට යොමුකර තිබෙනවා.

Giraya News Alerts

කෙසේ වෙතත්, එලෙස නිරෝධායනය කර ඇති ඇතැම් නිවාසවල පුද්ගලයන් වෙනත් ප්‍රදේශවලට සංචරණය කිරීමට උත්සහ ගන්නා බවට සැලවීමත් සමඟ එය වැළැක්වීමට ප්‍රදේශවාසීන් ද පොලිසියට සහයෝගය ලබා දී තිබෙනවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top