Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

කොළඹින් වාර්තා වූ ආසාදිතයින් ගණන 13,000 ඉක්මවයි

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 30,613ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.

එමෙන්ම, ඊයේ (10) දිනයේ දි නව ආසාදිතයින් 538ක් වාර්තා වූ අතර ඉන් 304 දෙනෙකු ම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. ඒ අනුව, ඔක්තෝම්බර් 04 වැනි දින සිට මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 13,000 ඉක්මවා ගොස් තිබෙනවා.

ඊයේ දිනයේ දී කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් 304 දෙනා අතරින් 254 දෙනෙකු ම බොරැල්ල ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

Giraya News Alerts

එසේම, මහනුවරින් ආසාදිතයින් 38ක් ද, ගම්පහ ආසාදිතයින් 28ක් ද, කළුතරින් ආසාදිතයින් 27ක් ද, රත්නපුර ආසාදිතයින් 23ක් ද, ගාල්ලෙන් ආසාදිතයින් 14 දෙනෙකු ද වාර්තා වී තිබෙනවා. තවද, ආසාදිතයින් 11ක් අම්පාර දිස්ත්‍රික්කයෙන් ද, 10 දෙනෙකු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද, මාතර දිස්ක්‍රික්කයෙන් ආසාදිතයින් 06 ක් ද, මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 03ක් ද වාර්තා වී තිබෙනවා.

මීට අමතරව, යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් දෙදෙනෙකු ද, නුවරඑළිය, හම්බන්තොට හා පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් එක් ආසාදිතයෙකු බැගින් වාර්තා වී ඇති බව කොවිඩ් – 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

විදේශයන්හි සිට මෙරටට පැමිණි 69ක් ද , බන්ධනාගාර ආශ්‍රිතව ආසාදිතයින් 21 දෙනෙකු ද ඊයේ (10) දිනයේ වාර්තා වූ ආසාදිතයින් අතරට අයත් වේ.

ඒ අනුව, මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 8206ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ තවත් දෙදෙනෙකු ඊයේ (10) දිනයේ දී තහවුරු වූ අතර ඒ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් – 19 මරණ සංඛ්‍යාව 146ක් දක්වා ඉහළ ගියා. වාර්තා වූ ආසාදිතයින්ගෙන් 22,261 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

නිරෝධායන මධ්‍යස්ථාන 65ක පුද්ගලයින් 6,896ක් නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ දිනයේ දී පීසීආර් පරීක්ෂණ 14,416ක් සිදුකර ඇති බවත් කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top