Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

කොවිඩ් දේහ භූමදානයට විශේෂ භූමදානයට විශේෂඥයන්ගේ උපදෙස් අනුව භූමියක් තෝරා ගන්නැයි අගමැතිගෙන් උපදෙස්

කොවිඩ්-19 වෛරසයෙන් මියයන පුද්ගලයන්ගේ මෘත දේහ භූමිදානය කළ හැකි දැයි සොයා බැලීම සඳහා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ සෞඛ්‍ය ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඊයේ (10) දින පැවැත්විණි.

එහිදී, කොවිඩ්-19 වෛරසයෙන් මියයන පුද්ගලයන්ගේ දේහයන් භූමි දානය කිරීම සඳහා සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව භූගත ජල මට්ටම ඉතා ගැඹුරු වියලි භූමියක් තෝරා ගන්න යැයි අග්‍රාමාත්‍යතුමා උපදෙස් දී තිබෙනවා.

දැනට මෙම වෛරසයෙන් මියයන පුද්ගලයෙකුගේ දේහය තුළ වයිරසය දින 36 ක් පමණ පවතින බව සෞඛ්‍ය බලධාරීන් මෙහිදී අග්‍රාමාත්‍යතුමා දැනුවත් කර ඇත.

Giraya News Alerts

සෞඛ්‍යට බලපාන කරුණු අරඹයා ජාතින් හා ආගම් වශයෙන් තීන්දු තීරණ ගැනීමට නොහැකි බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යතුමා, සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට සියලු ජනවර්ග වල ජනතාවගේ සහයෝගය අවශ්‍ය බව සඳහන් කළා.

ඒ සඳහා සහය ලබා දෙන්නැයි අග්‍රාමාත්‍යතුමා මෙම හමුවට පැමිණ සිටි මුස්ලිම් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා තිබෙනවා.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන්වන අලි සබ්රි, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, වාසුදේව නානායක්කාර යන අය ඇතුළුව කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන්,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.එච් මුණසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් පිරිසක් එක්ව ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top