Advertise with Giraya
NEWS

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා මරණ ගණන 146ක් දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 02ක් තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 146කි.

145 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි කාන්තාවකි. කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ සිට හෝමාගම මූලික රෝහල වෙත මාරු කර එවා ඇති අතර එම රෝහලේ දී 2020 දෙසැම්බර් 10 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 නිසා හෘද වස්තුවේ ඇති වු ආසාදනයකි.

146 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, වැලිගම ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි කාන්තාවකි. ඩුබායි සිට පැමිණ ඇති අතර නිරෝධායන මධ්‍යස්ථානයේ සිට හෝමාගම මූලික රෝහල වෙත මාරු කර එවා ඇත. එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර 2020 දෙසැම්බර් 10 වන දින මිය ගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ වකුගඩු රෝගී තත්ත්වය උත්සන්න වීම සහ කොවිඩ් නියුමෝනියාවයි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top