අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකු සඳහා පාර්ලිමේන්තු උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.
කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති උසස් නිලතල පිළිබඳ කාරක සභාවේදී එම ලේකම්වරුන් කැඳවා ඔවුන්ගේ සුදුසුකම් සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස අනුමැතිය හිමි වූ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක පැවසුවේය.
ඒ අනුව, විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස මහාචාර්ය අද්මිරාල් ජයනාත් කොළඹගේ, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස රවින්ද්‍ර හේවාවිතාරණ සහ වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස යූ.ඩී.සී. ජයලාල් යන අය සඳහා අනුමැතිය හිමිව තිබෙනවා.
