Advertise with Giraya
NEWS

වැලිගම ග්‍රාම නිලධාරී කොට්ඨාශ 5කට සංචරණ සීමා පනවයි

මාතර, වැලිගම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී කොට්ඨාස 5කට තාවකාලිකව සංචරණ සීමා පනවා තිබේ. ඒ අනුව ගල්බොක්ක නැගෙනහිර, ගල්බොක්ක බටහිර, අලුත්වීදිය, කොහුණුගමුව, හෙට්ටිවීදිය යන ප්‍රදේශවලට මෙලෙස සංචරණ සීමා පනවා ඇත.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උපසභාපති එම්.එන්.එච් නිහාල් පවසා සිටියේ වැලිගම නගරයෙන් කොවිඩ් ආසාදිතයින් 18 දෙනෙක් ඊයේ (09) හඳුනාගැනීමත් සමග එම තීරණය ගත් බවයි.

වැලිගම නගරයේ අහඹු ලෙස තෝරා ගත් 319 දෙනෙකුගේ පීසීආර් පරීක්ෂණ අනුව මේ බව තහවුරු වී තිබේ.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top