2021 අයවැය පිලිබද තුන්වන වර කියවීමේ ඡන්ද විමසීමෙන් අනතුරුව සම්ප්රදායානුකූලව පැවැත්වීමට නියමිත කථානායකවරයාගේ භෝජන සංග්රහයට වැයවන මුදල කොරෝනා මර්දන වැඩපිළිවෙල සදහා භාවිත කරන්නැයි සමගි ජන බලවේගය අද (10) පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළා.
පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධනට කියා සිටියේ රටේ කොරෝනා අවදානමක් පවතින මෙවන් මොහොතක පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 225 කැදවා සංග්රහයක් පැවැත්විම සුදුසු නොවන බවයි.
එම අවස්ථාවේ දී ප්රතිචාර දක්වමින් කථානායකවරයා පැවසුවේ එම යෝජනාව සලකා බලන බවයි.
