කාත්තන්කුඩි පොලිසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු අක්කරේපත්තුව පාලමුණ ප්‍රදේශයේ දී ඝාතනය කර තිබෙනවා.
ඝාතනයට ලක් වූ 35 හැවිරිදි කොස්තාපල්වරයා ඔහුගේ ඥාතියෙකු විසින් මෙලෙස ඝාතනය කර ඇති බවයි පොලිසිය සඳහන් කලේ. 21 හැවිරිදි අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පශ්චාත් මරණ පරීක්ෂණය සහ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (10) පැවැත්වීමට නියමිතයි.
