ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 30,000 ඉක්මවා ගොස් තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන පරිදි ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 30,075ක් වේ.
ඊයේ (09) දිනයේ දී නව ආසාදිතයින් 697ක් වාර්තා වූ අතර ඉන් 357 දෙනෙකු ම වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. එම ආසාදිතයින් අතරින් 128 දෙනෙකු මට්ටක්කුලියෙන් වාර්තා වන අතර බොරැල්ලෙන් ආසාදිතයින් 110 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව, ඔක්තෝම්බර් 04 වැනි දින සිට මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 12,961ක් දක්වා ඉහළ ගොස් ඇත.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ (09) දිනයේ දී ආසාදිතයින් 219ක් වාර්තා වී ඇති අතර ඉන් 55ක් මහර ප්‍රදේශයෙන් ද, 54 දෙනෙකු කටුනායක ප්‍රදේශයෙන් ද වාර්තා වී ඇත.
මහනුවරින් ඊයේ (09) ආසාදිතයන් 38 ක්, අම්පාරෙන් 25 ක්, කළුතර හා පුත්තලමින් ආසාදිතයන් 16 දෙනා බැගින් හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඊයේ (09) ආසාදිතයන් 10 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
තවද, කුරුණෑගලින් 04 ක්, ගාල්ල හා නුවරඑළියෙන් 03 දෙනා බැගින් හා පොළොන්නරුව, මාතලේ හා හම්බන්තොට දිස්ත්‍රික්වලින් ඊයේ (09) එක් ආසාදිතයෙකු බැගින් වාර්තා වී තිබෙනවා.
එමෙන්ම විදේශයන්හි සිට පැමිණි ආසාදිතයන් 03 දෙනෙකුද ඊයේ (09) වාර්තා වූ ආසාදිතයින් අතර වේ.
ඒ අනුව, දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 8131ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ මරණ 02ක් ඊයේ (09) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ ගණන 144ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වාර්තා වූ ආසාදිතයින්ගෙන් 21,800ක් පුර්ණ සුවය ලබා ඇත.
