Advertise with Giraya
NEWS

සමස්ත කොරෝනා මරණ ගණන 144ක් දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 02ක් තහවුරු කරන ලද අතර ඒ් අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 144කි.

141 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි දින 20ක් වයසැති බිළිඳෙකි. කොළඹ ලේඩි රිජ්වේ ළමා රෝහලේ දී 2020 දෙසැම්බර් 08 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ලේ විෂවීම, බහු ඉන්ද්‍රීය අක්‍රීයවීම සහ කොවිඩ් නියුමෝනියාවයි.

142 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 6ක පිරිමි පුද්ගලයෙකි. කොළඹ පෞද්ගලික‌ රෝහලක සිට මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරු කර ඒවා ඇති අතර එම රෝහලේ දි 2020 දෙසැම්බර් 09 වැනි දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top