කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙදමහතා විසින් නිෂ්පාදනය කළ දේශීය ඖෂධය කොවිඩ් රෝගීන්ට අතිරේක ආහාරයක් ලෙස ලබාදීමට දේහීය වෛද්‍ය අමාත්‍යංශයේ කොවිඩ් මර්ධන ජාතික කමිටුව අනුමැතිය හිමි වූ බව විෂය භාර අමාත්‍ය සිසිර ජයකොඩි සඳහන් කරයි.
ඒ අනුව, ආයුර්වේද දෙපාර්තමේන්තුවේ විශේෂඥ කණ්ඩායමකගේ අධීක්ෂණය යටතේ අද (09) එම ඖෂධය නිෂ්පාදනය කිරීමට පියවර ගත්තේය.
ඊයේ (09) දිනයේ දී වෙදමහතා විසින් කෑගල්ලේ දී ම ඖෂධය ජනතාවට නොමිලේ බෙදා දිමට පියවර ගත්තේය. කෙසේ වෙතත්, එම ඖෂධය ලබා ගැනීමට දස දහසකට අධික ජනතාවක් කෑගල්ල පැමිණිමත් සමඟ එම තත්ත්වය පාලනය කිරීම සඳහා කෑගල්ල දිස්ත්‍රික් ලෙකම්වරයාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ හා ආරක්ෂක ඊයේ ධම්මික බණ්ඩාර වෙදමහතා සමඟ පැවති සාකච්ඡාවකින් පසුව ඖෂධය බෙදා හැරීම තාවකාලිකව අත්හිටුවනු ලැබීය.
සම්බන්ධිත පුවත්
- කොරෝනාව මට්ටු කරන හෙළ ඔසුවක අත්හදා බැලීමක් සාර්ථකයි
- කොවිඩ් මඬින හෙළ ඔසුවේ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ජනපති ගෝඨාභය අනුමැති දෙයි
- කොවිඩ් හෙළ ඔසුව පළමු වරට ජනතාවට බෙදයි
- කොරෝනා මර්දන හෙළ ඔසුව බෙදා දීම අත්හිටුවයි
