සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඉදිරිපත් කළ ඉල්ලීමක් සැළකිල්ලට ගනිමින් ඥාතීන් විසින් භාර නොගත් කොවිඩ් – 19 ආසාදනය හේතුවෙන් මිය ගිය පුද්ගලයන්ගේ සිරුරු වහාම ආදාහනයට කිරීමට පියවර ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා උපදෙස් ලබාදී තිබෙනවා.
කොරෝනා වසංගතයෙන් මියගිය, ඥාතීන් විසින් භාර නොගත් මළ සිරුරු 19 කට ආසන්න ප්‍රමාණයක් දිවයිනේ රෝහල් කිහිපයක මෘත ශරීරාගාරවල තැන්පත් කර තිබෙනවා.
එය සෞඛ්‍ය සංරක්ෂණයට බරපතල හානියක් බව පෙන්වා දෙමින් ඒ පිළිබඳව ගතයුතු පියවර සම්බන්ධයෙන් උපදෙස් ලබාදෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබූ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න සඳහන් කරයි.
